online

Monday, June 4, 2012

කාලෙකට පස්සේ

හායී.....කොහොමද ඉතින්?අපි නම් ඉතින් නැව ගිලුනත් බැන් වූන් වගේ ඉන්නවා :). ආහ් මම තනියම කියවනවා කට්ටියට මාව මතකද දන්නේ නැ. අමතක නම් මොනවා කරන්නද?  මොකද මම ගිහින් මාස 8ක් 9ක් වෙනවනේ.එවා මේවයින් වැඩක් නැ. ඔන්න මම ආයෙමත් ආවා කට්ට්යව බලල යන්න.
හප්පේ මේක මකුනු දැල් බැදිලා ගිහින්නේ..කට්ට්ය නිකමටවත් ආවේ නැ නේ මේ පැත්තේ? හා හා කමක් නැ දෑන් මම ආවනේ ඔන්න ඉතින් කට්ටියම
ඉස්සර වගේම මේ පැත්තේ ඇවිල්ලා post  එක  බලලා  comment  එකක් එහෙම දලා හරි වැරදි කියලා දීලා එහෙම යන්න ඕන හොදේ..මම බලන් ඉන්නෝ...එනවනේ??

Sunday, September 11, 2011

මේ ලොකේ හොදම ගුරුවරයා උඹයි මගේ දුවේ....

"මං පුංචි කාලේ හීන දැක්කේ ඩිස්පැන්සරියට එන නෝනා වගේ දොස්තර කෙනෙක් වෙන්න.ඒත් මං ගුරුවරයෙක් උනා.මගේ තාත්ත නිසා.මට මං ගැන ආඩම්බරයි.." ඇය කතාව ආරම්භකලා..
"අද මං මෙහෙම හිටියට මං උපන්නේ කොලඹ ඉදලා ගව් ගාණක් දුරින් තියෙන පුංචි ගමක.මගේ තාත්තා වැඩ කරේ අපේ ගමේ හිටිය උසාවියේ මහත්තයගේ කාර් එකේ.අපිත් ඉතින් ඉදලා හිටලා දවසක ඔය කාර් එකේ යනවා.මේ සිද්දිය උනෙත් ඕන් ඔය කාර් එකේ ගියපු දවසක.එදා හරියටම දෙක වසරේ අන්තිම දවස.තුන වසරේ අළුත් පොත් ටිකත් තුරුල් කරන් මං ගේට්ටුව ගාව ලී බංකුවේ වාඩිවෙලා හිටියා තාත්තා එනකං.පැය බාගයක් ගියේ නෑ තාත්තා උසාවියේ මහත්තයගේ කාර් එකෙන් ඉස්කොලේ ගාවට ආවා.මාත් වටපිට බලලා හරි උජාරුවෙන් කාර් එකට නැග්ගා.අළුත් සිංහල පොත දිගඇර ගත්තේ ඒකේ ලස්සන කතා තියෙනවා කියලා ටිචර් කියපු නිසා."තාත්තේ මං තාත්තට ඇහෙන්න හයියෙන් කියවන්නද? "
"හ්ම්ම් "තාත්තා කියුවේ මගෙන් බේරෙන්න බැරි බව දන්න නිසා.මං හෙමිහිට කියවගෙන ගියා.තාත්තත් හිනා වෙවේ අහගෙන ඉන්නවා."අහ් තාත්තේ මේක කියවන්නේ කොහොමද?"ටිකක් දිග වචනයක් පෙන්නලා මං ඇහුවා.තාත්තා සද්දයක් නෑ.."තාත්තේ මේක කියවන්නේ කොහොමද ?"මං ටිකක් සද්දෙන් ඇහුවා..තාත්තා මා දිහා රවලා බැලුවා.."අපෝ තාත්තේ ඕකට රවන්න ඕනද?තාත්තා අකුරු දන්නෙ නෑ කියුවනම් ඉවරනේ."මං තාත්තා දිහා බලාගෙනම කියුවා..ඒ ඇස් කදුලින් පිරුනා.මං වැරදි දෙයක් කියුවද? මට හිතා ගන්න බැරි උනා.

තාත්තා කර් එක පාරේ අයිනට කරලා නැවැත්තුවා.මාව ඔඩොක්කුවට අරන් "ඔව් මගේ දුවේ තාත්තට අකුරු කියවන්න බෑ..දුලගේ සීයා තාත්තලා පුංචි කාලෙදිම නැති උනානේ.මං පවුලේ වැඩිමලා හින්ද නංගිලා මල්ලිලාට උගන්නන්න ඕන නිසා රස්සාවකට ගියා.ඊට පස්සේ ඔයාලට උගන්නන්න ඕන නිසා රස්සාවට යනවා.ඉතින් කොහොමද මයේ දුවේ තාත්තා අකුරු ඉගෙන ගන්නේ?"තාත්තා ඇහුවා..මං ඒ ඇස් දිහා බලන් හිටියා උත්තර දෙන්න දන්නෙ නැති නිසා..
"තාත්තා මා එක්ක තරහද?"බැරිම තැන මං ඇහුවා." නෑ මගේ රත්තරං" තාත්තා හිනා වෙලා කියුවා.
මං මුලු නිවාඩු කාලෙදිම කල්පනා කරා තාත්තට අකුරු ඉගෙන ගන්න ක්‍රමයක් ඒත් මේ පුංචි මොලේට ආවේ නෑ හොද විදියක්..තුන වසරත් පටන් ගත්තා.පුරුදු විදියටම දවස් ගෙවිලා ගියා.දවසක් හදිස්සියෙම ටිචර් උගන්නන කොට මට මතක් උනා නියම ක්‍රමයක් තාත්තට ඉගෙන ගන්න..මං එදා ගෙදර ගියේ පුදුම සතුටකින්.."තාත්තේ....මං ඉස්කොලෙ ඉගෙන ගන්න දෙවල් එදාරෑට තාත්තට කියලා දෙන්නං..එතකොට තාත්තට අකුරු ඉගෙන ගන්න පුලුවන්නේ..!"කියුවත් වගේ මං හැමදාම තාත්තට අකුරු කියලා දුන්නා.තාත්තාත් ඉගෙන ගත්තා..කාලයකට පස්සේ තාත්තා ලියපු කවියක් පත්තරේ පලවුනා.අම්මා ඒ කවිය කපලා මගේ මේසේ ගාව බිත්තියේ ඇලෙවුවා.මං නගරේ ඉස්කොලෙට යනකං හැමදාම තාත්තට ඉගැන්නුවා..ඒත් ගොඩක් වෙලාවට මග ඇරුණා.හදිස්සියෙම තාත්තා අසණිප උනා.මං බලන්න එනකම් මග බලන් ඉදලා මං ආව ගමන් මගේ අතින් අල්ල ගෙන "දුවේ උඹ තමයි මේ ලොකේ ඉන්න හොදම ගුරුවරයා" තාත්තා කිවුවේ එච්චරයි. තාත්තා ඇස් පියා ගත්තා ආයේ නොඅරින්නම.එදා ඉදන් මං හීන දැක්කේ ගුරුවරයෙක් වෙන්න..ඔව් මං ඒක කලා."කන් බිරිවෙන තරම් අත්පුඩි සද්දේ අතරේ ඈ වේදිකාවෙන් බැහැලා ගියේ හැමෝගෙම ඇස් වල කදුලු බිංදුවක් ඉතුරු කරලා.. 

Wednesday, August 17, 2011

පීතු පාදං


අන්ධකාරය
දෙපලු කරන
දිවි මගේ පගන් වැට
නුඹයි


කිරි සුවද නොදැනුනාට ළය මඩලේ ..  
දෝර ගලා යයි
සෙනෙහසේ සුවද
මගේ ආතමය පුරා

විසල් නුග රැකකි ඔබ
සවන සදන
මා දිවියට

කටු අකුල් බිද දමා
ජයගන්න මග කියු
නියමුවානන ඔබයි..

සංසාර සාගරය පුරාවට
වේවා ඔබ මගේ ශක්තිය
ආදරණිය පියානනි....

Sunday, August 14, 2011

පාරමිතා නොපිරුවත් . . . .


නුඹ
ජිවිතය නැමති
කළුවන් අඹරට
රිදී රේඛාවක් විය...
හේමන්තයට
වස්සානයක් විය...
මරු කතරට
දිය බිදක් විය..
ආදරයට
ආදරයක්ම විය...
වේදනාවට
සිහිල් ඔසුවක් විය
ජය මාවතේ
ආලෝකය විය
පරාජයේදී
සෙවනැල්ල විය...
බුදුන්ගෙන් සක්විති රජුන්ගෙන්
වැදුම් ලද්දේ
ඔබම විය..
නොපිරිවත් පාරමිතා
නොලැබුවත් විවරණ
මතු බුදු වේවා ඔබ
දරුවන්ට දක්වන
අසීමිත සෙනෙහසේ
නාමයෙන්..........

Monday, August 8, 2011

let's make a difference

 ඇමරිකා ඉතිහාසයේ නොමැකෙන චරිත්යක් වු  ඒබ්‍රහම් ලින්කන් දුප්පත් ගොවියෙකුගේ පුතෙක්.රුපයෙන් ඔහු විරෑපියි.ඒත් ඒ හැම බාධාවක්ම පසෙකලා ඔහු ඇමෙරිකානු ජනධිපති ධූරය දක්වා ගමන් කලා.ෆරෑන්ක්ලීන් රෑස්වෙල්ට් දෙපා පන නැති රෝගියෙක්.ඒත් ඔහු ඇමෙරිකාව දෙපයින් නැගිටුවා තැබිමේ පුරෝගාමියා උනා.ඇස් දෙකම පේන්නේ නැති හෙලන් කෙලර් ලෝක ප්‍රසිද්ධ ලේඛිකාවක් උනා.ලොකේම මිහිරිම සංහිත වාදනයේ අයිතිකාරයා බිහිරෙක් කිවුවොත්?විහිලුවක් වගේ හිතුනත් ඇත්ත ඒකයි.බිතොවන් බිහිරියි ඒත් ඔහුගේ ස්වරයනට අභියෝග කරන්න අදටත් කෙනෙක් නෑ.science කාරයො වුණ අපි ඉස්මුදුනින් පිලිගන්න සාපේක්ශතාවාදය ලිපිකරුවෙක් හොයා ගත්තා කිවුවොත් ...ඒත් ඇත්ත ඒකයි ඇල්බට් අයින්ස්ටයින්ගේ පලවෙනි රැකියාව වුනේ ලිපිකරුකම.ලෝකයම ආලෝකවත් කල තෝමස් අල්වා ඒඩිසන්ට තිබුනේ සාමාන‍ය පාසල අධ‍යාපනයක් විතරයි.මේ ගැම කෙනෙක්ම ඉස්සරහට අඩියක් තියන කොට පස්සට අදින්න ඕන තරම් අය ඉන්න ඇති.ඒත් ඔවුන් තමන්ගෙ ගමන ගියා.
     ඒත් ....අපි....
       අපිට හිනා වෙන දහසක් දෙනා අතරේ අපිව අගය කරන්න කැමති අයත් එක්කෙනෙක් දෙන්නෙක් එන්නවා කියලා දැනුනත් හඩමින් ලතැවෙමින් ඉන්නවා.අපේ ගමන නවත්වනවා.අපේ අහිංසක බලාපොරොත්තු අත්හරිනවා.හැමවිටම නැතත් බොහො විට.ඒ කඩවුන බලාපොරොත්තු තුරුල් කරන් අඩන්වා..දවස් ගනන්.අඩුවා කියලා වැඩක් වෙන්නේ නෑ. හෙලන් හැම සුසුමකටම පිච්චෙන්නේ අපි ජිවත්ත්වෙන්න ඉතුරු කර ගත්ත ආත්මශක්තිය නේද?හෙලන හැම කදුලකින්ම හේදෙන්නේ හෙට දිනන ජිවිතයේ වර්ණය නේද?ඒ කදුලු අපි එකතු කරමු.කවදහරි වටින විදියට හෙලන්න..... කදුලු පිරි දෙනෙතින් බලන අනාගතය අපහැදිලියි.අපි කදුලට අභියෝග කරමු.අද ඉදන්..මේ දැන් ඉදන්....!

Wednesday, July 27, 2011

කරමුද උදව්වක්...???

මේ දවස් වල ඉස්කෝලෙ විභාගෙනෙ.වැඩ ගොඩයි.පෝසට් එකක් ලියන්නවත් වෙලාවක් නෑ.ඒත් යාළුවෙකුට පුංචි උදවුවක් කරන්න ඕන නිසයි ආවේ.හොද වැඩ වලට කස්ටිය කෝමත් කැමතියි නේ."මගේ සිතුවිලි" බ්ලොග් කලාවට අපි වගේම අළුත් කෙනෙක්ගෙ අහිංසක උත්සාහයක්.වෙලාවක ගිහින් බලන්නකෝ.හැබැයි තාම පෝස්ට් දෙකක් විතරයි ලියලා තියෙන්නෙ.

ඕන්න ලින්ක් එක...
                     http://magesithuwili14.blogspot.com/

Sunday, July 24, 2011

ස්තුතියි කේට්...!!!

 2011 ආප්‍රේල් 29 ලොකයේ බොහෝ දෙනෙක් වගේ ඩයමන්ඩ් මාෂල් ද රාජකිය විවාහය රුපවාහිනියෙන් නැරඹුවා.එහෙත් ඒ වන විටත් සය හැවිරිදි ඩයමන්ඩ් හිටියෙ රෝගලේ ඇදක් මත.පුංච් ඩයමන්ඩ් ජිවත්වෙන්න තියෙන දින ගණින දැරියක්.පුංචි ඩයමන්ඩ්ට පුංචි බලාපොරොත්තුවක් තිබ්බා.ඇය ඒක තම පියාට කිවුවා.
        
             "තාත්තේ කේට් කියන්නෙ ඇත්තම කුමාරිකාවක්ද?සුරංගනා කතාවල ඉන්නවා වගේ කුමාරිකාවක් නම් මටඇයව මුණ ගැහෙන්න ඕන.ඔයාට පුළුවන්ද ඒක කරලා දෙන්න"
 ඩයමන්ඩ් සුරතල් ලෙස අසද්දි ඇගේ පියා ලයාල් ඇය වැලද ගත්තේ උතුරා යන සෙනෙහසිනි
         ."ඔව් ඩයමන්ඩ් මං ඔයාට පොරොන්දු වෙනවා ඒ වෙනුවෙන් මම උපරිම උත්සාහ කරනවා.ඒත් ඒක ලේසි වැඩක් නෙමෙයි."ඔහු ඩයමන්ඩ්ට කිවා.
සැබැවින්ම පියෙකු ලෙස ලයාල් අන්ත අසරණ තත්වයට පත්ව සිටියා.
."අම්මත් නැති අසරණ දරුවා... මේ තරම් ඉල්ලන්න දේවල් තියෙද්දිත් ඩයමන්ඩ්ට ඕන කේට් මුණ ගැහෙන්න විතරමද?"ඔහු සිය දෙවනි බිරිය සමග කිවේ කදුළු පිරි දෙනෙතිනි.මීට සිව් වසරකට පෙර ඩයමන්ගේ මවද පිළිකා රෝගය නිසා ජිවිතයෙන් සමු ගත්තා.ආදරණියයන්ගෙන් වෙන්විමේ වේදනාත්මක අත්දැකිම හොදට දන්න ලයාල් දියණියගේ ලොකුම බලාපොරොත්තුව ඉටු කිරිම වෙනුවෙන් කැපවුනේය.
"අපි "children's wish" පදනමට ලියුමක් ලියමු" ඇය ඩයමන්ඩ්ට යෝජනා කළා.ඩයමන්ඩ් ද තම හිනය හැබෑ කර ගැනිමේ අරමුණෙන් ලිපියක් ලිව්වා.
.
" "මම ඩයමන්ඩ් .විලියම් කුමාරයාගේ අම්මා ඩයානා කුමරිය නම් සමහර විට මා ගැන අහලා ඇති.ඇය මගේ අම්මා එක්ක ස්වර්ගයේ ඉන්නේ කියලා මම දන්නවා.අම්මා එහේදිත්හි මං ගැන කියන්වා කියලා විශ්වාස නිසා ඩයානා කුමරිය මාව දන්නවා ඇති.ඇත්තටම මට ඕන මෙච්චරයි මම කේට් කුමරිය මුණ ගැහෙන්න කැමතියි.ඇයත් මාව මුනගැහෙන්න කැමති නම් වෙලාවක් යොදා ගමු."
ඩයමන්ඩ් ගේ සිගිති අකුරින් ලියවි තිබුනේ එයයි.ලයාල්ද සිය දියණිය වෙනුවෙන් ලිපියක් ලිවාය.
"මගේ පුංචි දියණියට ඩිස්නිලන්තයට ගිහින් සුරංගනා ලෝකය ඇස් දෙකෙන් බලා ගෙන නිදි කුමාරිගෙ කතාවේ නිදි කුමාරි එක්ක දිවා ආහාරය ගන්න තරම් සනිපයක්වත් කාලයක් ඉතිරි වෙලා නෑ.ජිවත් වෙන්න ඇයට තියෙන්නෙ බොහොම ටික කාලයක් විතරයි.ඇගේ පියා විදියට මම බැගෑපත්ව ඉල්ලා සිටිනවා කේම්බ්‍රිජ් ආදිපාදවරයා සහ ආදිපාදවරිය එකම එක විනාවියකට මුන ගැහෙන්න මගේ පුංචි දුවට අවසර දෙන ලෙසට.ඒවිනාඩිය මගේ දුවට ශක්තියක් වෙවි.ඇගේ හිනය ඉටුවිම අපේ සදාතනික සැනසිම වේවි.ලයාල්ගේ ලිපිය අතිශය හැගිම්බර වුවකි.
"සිහින පිලිබද විශ්වාස කරන්නෝ එම සිහින සැබෑ කරගනිති"පුංචි ඩයමන්ඩ්ද තම සිහිනය සැබෑ කරගත්තාය.කැනඩා සංචාරය සදහා පැමිණි විලියම්-කේට් යුවල ඩයමන්ඩ් මුන ගැසිමට කැමතිබව දැන්වුවා.
අවසානයේ ඒ සුවිශේෂ දිනය වුදාඋණි.රෝස පැහැති ලස්සන ගවුමකින් සැරසුන ඩයමන්ඩ් හිස කෙස් ගැලවි ගිය තට්ටය මත රෝස පැගැති හිස පට්යක්ද පැලද ගත්තාය.
    සුරංගනා කතාවල කුමාරිකාවක් තරම්ම සුරූපි එතරම් කරුනාවන්ත කැතරින් කුමරිය සිය පෙම්බර කුමරා සමග දැන් ඩයමන්ඩ් ගේ ඉදිරිපිටය. ඇයට ලැජ්ජාවක් දැනුනා.ඒත් කෙට් කුමරිය ඇයට සමිප වුනා.ඩයමන්ඩ් ඇගේ අතේ වු මල් පොකුර ඇයට පිලිගැන්වුවා.කැතරින් කුමරිය පුංචි ඩයමන්ඩ් ආදරයෙන් වැලද ගත්තා.
"කේට් කුමරිය ඇත්තටම ලස්සනයි.ටිවි එකේ දක්කට වඩා ලස්සනයි.මම දිපු මල් වලට ඈ ගොඩක් කැමති කිවුවා..'ඇය පැවසුවේ උතුරා යන සතුටින්....
"මට දැනෙනෙ සැනසිම වචන වලට පෙරලන්න බෑ.දැන් මගේ සිත හදාගන්න දෙයක් තියෙනවා.මේ සතුට ඇයට තව එක දවසක් හෝ වැඩියෙන් ජිවත් කරවාවි."ලයාල් කියාසිටියේය.
"ඔයා හිතනවද විලියම් කුමාරයා කඩවසම් කියලා?"මාධයවේදියෙක් ඇගෙන් ඇසුවා.මදක් කල්පනා කල ඇය 


 ප\ලි: මේ ඊමේල් එක මටත් ෆෝවර්ඩ් කරපු එකක්.. මෙම සිංහල ලිපියේ මුල් අයිතිය ඔනාල් කරුණාරත්න සතුය.බොහොම ස්තුතියි.සංවේදි ඔබ හැම කියවන්න ආස වෙයි කියලා හිතුන නිසයි ලිවුවේ.