"මං පුංචි කාලේ හීන දැක්කේ ඩිස්පැන්සරියට එන නෝනා වගේ දොස්තර කෙනෙක් වෙන්න.ඒත් මං ගුරුවරයෙක් උනා.මගේ තාත්ත නිසා.මට මං ගැන ආඩම්බරයි.." ඇය කතාව ආරම්භකලා..
"අද මං මෙහෙම හිටියට මං උපන්නේ කොලඹ ඉදලා ගව් ගාණක් දුරින් තියෙන පුංචි ගමක.මගේ තාත්තා වැඩ කරේ අපේ ගමේ හිටිය උසාවියේ මහත්තයගේ කාර් එකේ.අපිත් ඉතින් ඉදලා හිටලා දවසක ඔය කාර් එකේ යනවා.මේ සිද්දිය උනෙත් ඕන් ඔය කාර් එකේ ගියපු දවසක.එදා හරියටම දෙක වසරේ අන්තිම දවස.තුන වසරේ අළුත් පොත් ටිකත් තුරුල් කරන් මං ගේට්ටුව ගාව ලී බංකුවේ වාඩිවෙලා හිටියා තාත්තා එනකං.පැය බාගයක් ගියේ නෑ තාත්තා උසාවියේ මහත්තයගේ කාර් එකෙන් ඉස්කොලේ ගාවට ආවා.මාත් වටපිට බලලා හරි උජාරුවෙන් කාර් එකට නැග්ගා.අළුත් සිංහල පොත දිගඇර ගත්තේ ඒකේ ලස්සන කතා තියෙනවා කියලා ටිචර් කියපු නිසා."තාත්තේ මං තාත්තට ඇහෙන්න හයියෙන් කියවන්නද? "
"හ්ම්ම් "තාත්තා කියුවේ මගෙන් බේරෙන්න බැරි බව දන්න නිසා.මං හෙමිහිට කියවගෙන ගියා.තාත්තත් හිනා වෙවේ අහගෙන ඉන්නවා."අහ් තාත්තේ මේක කියවන්නේ කොහොමද?"ටිකක් දිග වචනයක් පෙන්නලා මං ඇහුවා.තාත්තා සද්දයක් නෑ.."තාත්තේ මේක කියවන්නේ කොහොමද ?"මං ටිකක් සද්දෙන් ඇහුවා..තාත්තා මා දිහා රවලා බැලුවා.."අපෝ තාත්තේ ඕකට රවන්න ඕනද?තාත්තා අකුරු දන්නෙ නෑ කියුවනම් ඉවරනේ."මං තාත්තා දිහා බලාගෙනම කියුවා..ඒ ඇස් කදුලින් පිරුනා.මං වැරදි දෙයක් කියුවද? මට හිතා ගන්න බැරි උනා.
තාත්තා කර් එක පාරේ අයිනට කරලා නැවැත්තුවා.මාව ඔඩොක්කුවට අරන් "ඔව් මගේ දුවේ තාත්තට අකුරු කියවන්න බෑ..දුලගේ සීයා තාත්තලා පුංචි කාලෙදිම නැති උනානේ.මං පවුලේ වැඩිමලා හින්ද නංගිලා මල්ලිලාට උගන්නන්න ඕන නිසා රස්සාවකට ගියා.ඊට පස්සේ ඔයාලට උගන්නන්න ඕන නිසා රස්සාවට යනවා.ඉතින් කොහොමද මයේ දුවේ තාත්තා අකුරු ඉගෙන ගන්නේ?"තාත්තා ඇහුවා..මං ඒ ඇස් දිහා බලන් හිටියා උත්තර දෙන්න දන්නෙ නැති නිසා..
"තාත්තා මා එක්ක තරහද?"බැරිම තැන මං ඇහුවා." නෑ මගේ රත්තරං" තාත්තා හිනා වෙලා කියුවා.
මං මුලු නිවාඩු කාලෙදිම කල්පනා කරා තාත්තට අකුරු ඉගෙන ගන්න ක්‍රමයක් ඒත් මේ පුංචි මොලේට ආවේ නෑ හොද විදියක්..තුන වසරත් පටන් ගත්තා.පුරුදු විදියටම දවස් ගෙවිලා ගියා.දවසක් හදිස්සියෙම ටිචර් උගන්නන කොට මට මතක් උනා නියම ක්‍රමයක් තාත්තට ඉගෙන ගන්න..මං එදා ගෙදර ගියේ පුදුම සතුටකින්.."තාත්තේ....මං ඉස්කොලෙ ඉගෙන ගන්න දෙවල් එදාරෑට තාත්තට කියලා දෙන්නං..එතකොට තාත්තට අකුරු ඉගෙන ගන්න පුලුවන්නේ..!"කියුවත් වගේ මං හැමදාම තාත්තට අකුරු කියලා දුන්නා.තාත්තාත් ඉගෙන ගත්තා..කාලයකට පස්සේ තාත්තා ලියපු කවියක් පත්තරේ පලවුනා.අම්මා ඒ කවිය කපලා මගේ මේසේ ගාව බිත්තියේ ඇලෙවුවා.මං නගරේ ඉස්කොලෙට යනකං හැමදාම තාත්තට ඉගැන්නුවා..ඒත් ගොඩක් වෙලාවට මග ඇරුණා.හදිස්සියෙම තාත්තා අසණිප උනා.මං බලන්න එනකම් මග බලන් ඉදලා මං ආව ගමන් මගේ අතින් අල්ල ගෙන "දුවේ උඹ තමයි මේ ලොකේ ඉන්න හොදම ගුරුවරයා" තාත්තා කිවුවේ එච්චරයි. තාත්තා ඇස් පියා ගත්තා ආයේ නොඅරින්නම.එදා ඉදන් මං හීන දැක්කේ ගුරුවරයෙක් වෙන්න..ඔව් මං ඒක කලා."කන් බිරිවෙන තරම් අත්පුඩි සද්දේ අතරේ ඈ වේදිකාවෙන් බැහැලා ගියේ හැමෝගෙම ඇස් වල කදුලු බිංදුවක් ඉතුරු කරලා..


Excellent post
ReplyDeleteAs Bindi says, this is One of the excellent thoughts...
ReplyDeleteනියමයි. මගේ ඇස්වලටත් කඳුළු පිරුනා...
ReplyDeleteමේ මේ අඩවනවා කියලා මිනිස්සුන්ව ඔහොමත් අඩවනවද මං අහන්නේ.. ඇත්තටම මේක නම් මාරම ලස්සනට ලියලා තියනවා. මම කොච්චර පෙරුම් පිරුවත් මෙහෙම නම් ලියන්න බැරි වෙයි එකම එක පෝස්ට් එකක්වත්.. ගුරුවරු ගැන කතා අහලා තියනවා.. යම් දෙයක් අනිත් කෙනෙක්ට උගන්නන කෙනා ගුරුවරයා.. ඒත් හැමෝගෙම මතේ ඒ කෙනා වැඩිමල් වෙන්න ඕන කියන එක.. ඒත් එහෙම නෑ.. දැනමුතුකම් දෙන්න වැඩිමල් වෙන්න ඕනෙම නෑ. මේක ගැන කියන්න දේවල් ගොඩයි. ඒත් කියන්න ගියොතින් හොද ළමයා ගැහුවා වගේ 10 කි විතර ගහලත් මදි වෙයි. ඒ නිසා මුකුත් නොකිය ඉන්නම්. ඇත්තටම මේ පෝස්ට් එකට කෙනෙක්ට කදුලු ආවෙ නැතොත් නම්..
ReplyDelete@ Bindi, චේජනා, මන්තරකාරි බොහොම ස්තුතියි:)
ReplyDelete@ආගන්තුකයා අඩවන්න හිතුවේනෑ.ගුරුවරු ගැන දෙයක් ලියන්නටි ඕන උනේ.සමාවෙන්න :(
ReplyDeleteමේ හොද ළමයා ට නම් පිස්සු... හොදයි කියලා කිවුවෙ දෙයියනේ.. ඕක තේරුම්ගන්ට බැරි ද??
ReplyDelete